මට්ටක්කුලියේ සිට ඉසුරුපාය දක්වා නව බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා. ඒ උතුරු කොළඹ කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේයි. කොටහේන, මරදාන, බොරැල්ල, සෙත්සිරිපාය, පැලවත්ත හරහා ඉසුරුපාය දක්වා බස් සේවාව කි‍්‍රයාත්මක බවයි ලංකා ගමනාගමන මණ්ඩලය ප‍්‍රකාශ කළේ.
බස් රථ 2 ක් ඒ වෙනුවෙන් යොදවා තිබෙනවා. පෙරවරු 6.30 ට සහ පෙරවරු 7 ට මට්ටක්කුලියෙන් ගමන් අරඹන බස් රථ යළිත් සවස 4.25 ට සහ 4.55 ට ඉසුරුපායෙන් පිටත් වන බව ගමනාගමන මණ්ඩලය පවසනවා.







