FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් දේහ භූමදානය සඳහා ඉරණතිව් ප්‍රදේශයේ දූපතක් හඳුනා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහ භූමදානය සඳහා ඉරණතිව් ප්‍රදේශයේ දුපතක් හඳුනාගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.   

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියාසිටියේ අදාළ මාර්ගෝපදේශ ලද වහා එම කටයුතු ආරම්භ කෙරෙනු ඇති බවයි.

එම ස්ථානයට මල සිරුරු රැගෙනයාමේ වියදම රජය විසින් දරනු ලබන බවද මෙහිදී ප්‍රකාශ කරනු ලැබීය.