FAST NEWS

24×7 Around the Globe

කොළඹ වාරයේ බටහිර පර්යන්තය අදානි සමාගම සමඟ එක්ව සංවර්ධනය කිරීමට අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ දකුණු වාරයේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සමඟ එක්ව සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.   

එය වසර 35 ක කාලයක් සදහා සංවර්ධනය කර ක්‍රියාත්මක කර ආපසු භාරදිමේ පදනම යටතේ මෙම යෝජනාවට අනුමැතිය දුන් බවයි කැබිනට් මණ්ඩලය නිවේදනය කළේ.

කොළඹ දකුණු වරායේ බටහිර බහලු පර්යන්තයේ සවර්ධන කටයුතු සදහා ආයෝජකයෙකු ඉදිරිපත් කරන්නැයි ශ්‍රී ලංකාව මෙරට ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයට හා ජපන් තානාපති කාර්යාලයට ඉල්ලිමක් කළේය.

ඉන්දිය තානාපති කාර්යාලයේ එකගතාව මත අදානි සමාගම නම් කර ඇති අතර ජපන් රජය කිසිදු ආයෝජකයෙක් නම් කර නොමැත.