FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදට යෙදී තිබේ.   

ඒ වෙනුවෙන් හෙට (03) සිට ලබන 05 වැනිදා දක්වා කොළඹ, ගාලුමුවදොර ඉහළ අහසේ ගුවන් යානා සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය.

පස්වරු 5.00 සිට 6.00 දක්වා එය පැවැත්වෙනු ඇති.

ඒ සඳහා ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා 23 ක්ද මෙරටට පැමිණ ඇති බව ගුවන් හමුදාව නිවේදනය කළේය.