FAST NEWS

24×7 Around the Globe

පක්ෂයේ තනතුරු වෙනසකට ශ්‍රීලනිපය අද රැස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද රැස්වීමට නියමිතව ඇත.   

කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී මෙම හමුව අද පස්වරු 05 ට ආරම්භ වන්නේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

පක්‍ෂයේ තනතුරු සදහා නව නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡ කෙරෙන බව එම පක්‍ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පක්ෂයේ මතය අද ප්‍රකාශ කිරීමට නියමිත බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.