FAST NEWS

24×7 Around the Globe

රේගුවටත් ජනපති පරීක්ෂණ කොමිසමක් පත්කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කර ඵලදායිතාවය ඉහළ නැංවීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇත.    

එහි සභාපතිවරයා වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්නයි.

අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, මහබැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන, එහි ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති සහ රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.ඩයස් එහි සෙසු සාමාජිකයන්.

රේගුවට එරෙහිව නැගෙන විවිධ චෝදනාවන් සහ සිදුව ඇතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගනිමින් කාර්යක්ෂම සේවාවක් සැපයීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමට පැවරෙන වගකීමයි.