FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාන අගමැති අද ජනපති හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇත.    

එම සාකච්ඡාවෙන් අනතුරුව පාකිස්තාන ආග්‍රාමාත්‍යවරයා කොළඹදී පැවැත්වෙන වෙළෙඳ හා අයෝජන සමුළුව ඇමතීමට නියමිතය.

දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී අනතුරුව පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය.