FAST NEWS

24×7 Around the Globe

මෙවර සාපෙළ උපකාරක පංති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් උපකාරක පංති , දේශන , සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (23) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හෝ බෙදා හැරීම ද ඒ යටතේ තහනම් වනු ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම නීති කඩකරන පුද්ගලවන් සම්බන්ධයෙන් පොලිසියට හෝ විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කල හැක.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස පළමුවනදා ආරම්භ වී මාර්තු 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.