FAST NEWS

24×7 Around the Globe

තවත් එන්නත් ලක්ෂ පහක් 25 වනදා දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් මාත්‍රා ලක්ෂ 5 ක් මෙම බ්‍රහස්පතින්දා (25) මෙරටට ගෙන ඒමට නියමිතව ඇත. 

රාජ්‍ය ඖෂධ සංස්ථාව කළ ඇණවුමකට අනුව ඉන්දියාවේ සීරම් ආයතනයෙන් මෙම එන්නත් තොගය මෙරටට ගෙන එන බව වැඩ බලන සෞඛ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 518 දෙනෙකු ඊයේ (22) දිනයේදී හඳුනාගනු ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 80,517 ක්.

මේ අතර ඊයේ දිනයේදී මෙරට තවත් 15 , 583 දෙනෙකුට කොවිඩ් එන්නත ලබාදී තිබුණි.

ඒ අනුව මේ දක්වා මෙරටදී එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 54,352 දක්වා ඉහළ යනු ඇත.