FAST NEWS

24×7 Around the Globe

2020 සාපෙළ සිසුන්ට දුන් විශේෂ පහසුකම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් වෙනුවෙන් මෙවර විශේෂ පහසුකමක් සලසා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ , ඒ අනුව විභාග ප්‍රවේශ පත්‍රයේ පවතින අඩුපාඩු https://www.doenets.lk/ වෙබ් අඩවියට පිවිස සංශෝධනය කර ගැනීමේ අවස්ථාව සලසාදී ඇති බවයි.

පාසල් අයැදුම්කරුවන් විදුහල්පතිතුමා මගින්ද, පෞද්ගලික අයැදුම්කරුවන් තමන් විසින්ම ද සතියක් තුළදී එම සංශෝධනය සිදු කළ යුතුව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.