FAST NEWS

24×7 Around the Globe

ආගමන විගමන නිලධාරීන් 450 කට කොරෝනා එන්නත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආගමන විගමන නිලධාරීන් 450 දෙනෙකුට ද අද දින කොරෝනා මර්දන එන්නත ලබා දීමට තීරණය කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා සඳහන් කළේ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද එම එන්නත් ලබා දීමට පියවර ගන්නා බවය.