FAST NEWS

24×7 Around the Globe

මෑතකදී සිදුවූ වැඩිම රිය අනතුරු මරණ ගණන ඊයේ දිනයේදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෑත කාලයේදී වැඩිම රිය අනතුරු මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඊයේ (18) දිනයේදී බව පොලීසිය පවසයි.   

රිය අනතුරු හේතුවෙන් ඊයේ දිනයේදී පුද්ගල මරණ 15ක් වාර්තා වී ඇති අතර ඔවුන් අතරට යතුරු පැදිකරුවන් 08 දෙනෙක් සහ පදිකයන් 07 දෙනෙක්ද අයත්.

ඉන් හතරදෙනෙකු මියගොස් ඇත්තේ ඊයේ දිනයේදීම සිදුවූ රිය අනතුරුවලින් අතර, අනෙක් පුද්ගලයින් හත්දෙනා මීට පෙර දිනවලදී සිදුවූ රිය අනතුරු හේතුවෙන් රෝහල්ගතව සිට මියගිය පුද්ගලයින් වෙයි.

දෛනිකව ඉහළ යන රිය අනතුරු ප්‍රමාණය අවම කිරීම සදහා අකුසලතා ලකුණු ක්‍රමවේදය නැවතත් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.