FAST NEWS

24×7 Around the Globe

අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට සති අන්තයේදී කොවිඩ් එන්තත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට සති අන්තයේ කොවිඩ් එන්තත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය උපදෙස් ලබාදී තිබේ.    

කොරෝනා මර්ධන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියේ ඒ අනුව ග්‍රාම නිළධාරී වසම් මට්ටමෙන් ග්‍රාම නිලධාරීන්ගේ සහය ඇතිව එම කණ්ඩායම් එන්නත්කරණය සඳහා ගෙන්වා ගැනීමට මේ වන විට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එන්තත්කරණය ආරම්භ වීමත් සමග ඒ සඳහා ජනතා සහභාගීත්වයද යම් මට්ටමකට තිබූ බව දිවයින පුරා පිහිටි කොවිඩ් එන්නත්කරණ සායනවලින් වාර්තා වූ බවද අමාත්‍යවරිය වැඩදුරටත් සඳහන් කළාය.

මීට අමතරව , ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අයෙකු එහි දෙවන මාත්‍රාව ලබා ගැනීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.

පළමු මාත්‍රාව ලබාදී සති 10 ත් 12 ත් අතර කාලය තුළ එහි දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු කළ යුතු බව බෝවන රෝග පිළිබඳ උපදේශක කාරක සභාව ඊයේ ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව දෙවන මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබා ගැනීම සිදුකළ යුතු බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.