FAST NEWS

24×7 Around the Globe

කථානායක ඇතුලු මන්ත්‍රීන් 24 ක් එන්නත ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද පස්වරු 12 වනවිට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුලු ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් 24 දෙනෙකු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.     

කථානායකවරයා විසින් එන්නත ලබාගන්නා අවස්ථාවට මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මෙන්ම යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද එක්ව සිටියේය.