FAST NEWS

24×7 Around the Globe

මිලාන් හි කොන්සල් කාර්යාලයේ සේවා යළි ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ අමාත්‍යාංශය මගින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ කොන්සියුලර් අවශ්‍යතා පිළිබඳව සැළකිල්ලට ගෙන මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේදී මාර්ගගත ක්‍රමයට වේලාව වෙන් කරගෙන සේවා ලබාගැනීමේ ක්‍රමය නැවත හඳුන්වාදීමට සැළසුම් කර ඇත.    

එමෙන්ම කොරෝනා සෞඛ්‍ය පූර්වෝපායන් අනුගමනය කරමින් රෝමය සහ මිලාන් නගරවලින් පිටත තෝරාගත් ස්ථානවලදී ද ජංගම කොන්සියුලර් සේවාවන් සැපයීමට කටයුතු කෙරෙන බව ද විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේය.