FAST NEWS

24×7 Around the Globe

සියලුම මන්ත්‍රීවරුන්ට හෙට සිට කොවිඩ් එන්නත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට (16) හෙට සිට කොවිඩ් එන්නත ලබා ගැනීමට හැකියාව ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් දැනුම් දී තිබේ.   

ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පස්වරු 12.00 දක්වා වන කාල සිමාව තුළදී යුද හමුදා රෝහලට ගොස් එම එන්නත ලබා ගැනීමට හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇත.

ඒ අනුව පෙබරවාරි මස 16,17,18,19 සහ 20 යන දිනවල දී මන්ත්‍රීවරුන්ට එන්නත් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.