FAST NEWS

24×7 Around the Globe

පාර්ශව රැසකට කොරෝනා මර්ධන එන්නත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෛද්‍ය සහ හෙද සිසුන් ඇතුළු පාර්ශව රැසකට කොරෝනා මර්දන එන්නත් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.    

විවිධ පාර්ශව කරන ලද ඉල්ලීම් සලකා ඒ පිළිබඳ අධ්‍යනය කරමින් ඇති බව කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

ඒ සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.

ලබන මාර්තු 01 වැනිදා සිට දිවයිනේ මධ්‍යස්ථාන 4000 කදී කොරෝනා මර්දන එන්නත් ලබා දීමට නියමිත ය.