FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල සිසුන්ට හා කථිකාචාර්යවරුන්ටත් කොරෝනා එන්නත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  විශ්වවිද්‍යාල සිසුන්ට හා කථිකාචාර්යවරුන්ට කොරෝනා එන්නත් ලබාදීම සඳහා ඉල්ලීම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.   

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා පැවසුවේ, මේ වනවිටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට අවශ්‍ය ලේඛන යවා ඇති බවය.

ඔවුන් අතරින් මේ වනවිට රෝහල්වලට සම්බන්ධව සිටින වෛද්‍ය සිසුන්ට කොරෝනා එන්නත ලබා දීමේදී ප්‍රමුඛතාවක් ලබා දෙන්නැයි ද සම්පත් අමරතුංග මහතා ඉල්ලා තිබේ.