FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මැදියමේ සිට පැය 48 ක වෘත්තීය ක්‍රියාමාර්ගයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට සිය අධීක්ෂණ ආවරණ රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.   

ඒ දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සහ බඳවා ගැනීමේ ක්‍රමවේද කඩිනමින් සකස් කිරීම, දුම්රිය ස්ථාන සඳහා ක්‍රමවත් සන්නිවේදන පද්ධතියක් හඳුන්වාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක කාලයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බව ප්‍රකාශ කරයි.

ඊට විසඳුමක් නොලැබුණහොත් එය අඛන්ඩ වර්ජනයක් දක්වා පුළුල් කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කරයි.