FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් ආසාදනය වී ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින් ගේ සිරුරූ භූමදානය කිරීමට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.   

කොවිඩ් ආසාදිතව මියැදෙන මුස්ලිම් ජනතාවගේ සිරුරූ භූමදානය කිරීමට අවසර ලබා දෙන්නේ ද යනුවෙන් එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා නගන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ‘මන්ත්‍රීතුමා, මල සිරුරූ භූමදානය කිරීමට අවසර දෙනවා’ යනුවෙනි.