FAST NEWS

24×7 Around the Globe

මැදපෙරදිග ගුවන් සේවා ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ඉහළ නංවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බහරේනයේ ජාතික ගුවන් සේවය, ගල්ෆ් එයාර් ශ්‍රී ලංකාව වෙත නැවතත් ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර ඇත.   

ලබන 15 වැනිදා සිට එම ගුවන් සේවය කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත සතියට ගුවන් ගමන් වාර දෙකක් ක්‍රියාත්මක කරනු ලබන්නේ ගුවන් සේවයේ නවතම එයාර් බස් ඒ-320 ගුවන් යානා යොදා ගනිමින්.

බහරේනය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කළද කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් එය අත්හිටුවනු ලැබීය.

මේ අතර, එමිරේට්ස් ගුවන් සේවයද ශ්‍රී ලංකාව වෙත සතියකට සිදුකරන ගුවන් ගමන් සංඛ්‍යාව හතරේ සිට හය දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙන අතර , එම අතිරේක ගුවන් ගමන් ලබන 27 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති.