FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ට එරෙහි දෙවන දෝශාභියෝග චෝදනා විභාගය අද ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෙවන දෝශාභියෝග චෝදනා විභාගය අද ඇරඹීමට නියමිතව ඇත.   

ඒ කැපිටල් හිල් විරෝධතාකරුවන් උසිගැන්වීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ලවන චෝදනා මුල්කරගනිමිනි.

කැපිටල් හිල් විරෝධතාකරුවන් උසිගන්වමින් , හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් , අමෙරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයකු සිදුකල දරුණුතම ව්‍යවස්ථාදායක අපරාධයට හවුල් වී ඇතැයි, ඩිමොක්‍රැටික් පක්ෂ නීතිඥවරු චෝදනා කළහ.

එම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිඥයන් සඳහන් කළේ, කැපිටල් හිල් ගොඩනැගිල්ලට ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කඩාවැදීමේ සිදුවීමට ඔහුගේ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම නඩු විභාගයට ලක්වීමට අපේක්ෂා නොකරන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

කැපිටල් හිල් විරෝධතාවලින් පොලිස් නිලධාරියකු ඇතුළු පුද්ගලයන් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.