FAST NEWS

24×7 Around the Globe

කම්කරු දෛනික වැටුප ඉහළ නැංවීම ගැන අග්‍රාමාත්‍යවරයාට ප්‍රශංසා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වතු කම්කරු වැටුප අනුමත වීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍යවරයාට ප්‍රශංසාව පළ කර ඇත.  

වතු සේවක වැටුප රුපියල් 1000 ක් දක්වා ඉහළ නැංවීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ, ඊට අදාළ යෝජනාව ඊයේ පස්වරුවේ රැස්වූ පඩි පාලක සභාවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ බවයි.

යෝජනාවට පක්ෂව ඡන්ද 11 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 8 ක් පමණි.