FAST NEWS

24×7 Around the Globe

අද සිට පාර්ලිමේන්තුව යළිත් රැස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (09) සිට සිකුරාදා දක්වා දින හතරම පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇත.   

ඒ අනුව, කම්කරු අමාත්‍යවරයා විසින් පසුගිය ජනවාරි 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ වන නියෝග අද දිනයේ විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

මේ අනුව, අද සිට බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 10 සිට පස්වරු 5.30 දක්වාත්, සිකුරාදා දිනයේදී පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වාත් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, අද පෙරවරු 9 සිට මධ්‍යහ්න 12 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අහඹු PCR පරීක්ෂණ වැඩසටහනට ඉදිරිපත් වන ලෙස වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දන්වා සිටී.