FAST NEWS

24×7 Around the Globe

ආදීවාසි නායකයාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහියංගණය රඹකැන් ඔය ආශ්‍රිත අක්කර 5000 ක භූමි ප්‍රමාණයක් බඩ ඉරිගු ව්‍යාපෘතියක් සඳහා ලබාදීමට මහවැලි අධිකාරිය ගෙන ඇතැයි තීරණය වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකර ඇත.   

වනජීවී අමාත්‍යවරයා, පරිසර අමාත්‍යංශ ලේකම්වරයා, මහවැලි සංවර්ධන අධිකාරිය, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස නම්කර තිබේ.

අදාළ භූමි ප්‍රදේශය වසර සිය ගණනක් පුරා සිය නිජබිම් ලෙස පැවති ඒවා බවත් නව ව්‍යාපෘතිය හමුවේ සිය ජීවනෝපාය අහිමිවී යන බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.

පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දී ඇත්තේ, එම බිම් කොටස් ලබාගත් සමාගම් රඹකැන් ඔයට ජලය සපයන ඇළ මාර්ග නීතිවිරෝධී අන්දමින් ගොඩකර වසා දමා ඇති බවත්, එමගින් විශාල පාරිසරික හානියක් සිදුව ඇති බවත්ය.