FAST NEWS

24×7 Around the Globe

පාසල් ප්‍රවාහන වාහනවල සෞඛ්‍යාරක්ෂාව බැලීමට අද විශේෂ මෙහෙයුමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහනවල රියදුරන් සහ සහයකයින් අහඹු ලෙස තෝරාගනිමින් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකිරීමේ විශේෂ මෙහෙයුමක් අද (08) දිනයේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැළසුම් කර ඇත.   

එමෙන්ම පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන තුළ නිරෝධායන රීති නිසි පරිදි අනුගමනය කරන්නේද යන්න පිළිබදව පරික්ෂා කිරීමට රථවාහන රාජකාරීයේ නිරත නිලධාරින් යොදවා විශේෂ මෙහෙයුමක්ද අද ක්‍රියාත්මක කිරීමට නියමිතය.