ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 70ට වඩා ලබාගත් සිසුන් විභාගයෙන් සමත් ලෙස සලකා සහතික පත් නිකුත් කිරීමට නියමිතයි.
ඊට අදාළ සහතික පත්‍ර පාසල්වලට යොමු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට විභාග දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවතින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන්ලක්ෂ 33,672 දෙනෙකු පෙනී සිටියේය.
ඉන් ලකුණු 70ට වඩා ලබාගෙන ඇති සිසුන් සංඛ්‍යාව දෙලක්ෂ 54,690 ක්.
ඒ අනුව මෙවර විභාගයේ සමත් ප්‍රතිශතය සියයට 76.33 කි.
කෙසේ වෙතත් කඩඉම් ලකුණු වලට අනුව ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් සංඛ්‍යාව 31,853 ක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.







