FAST NEWS

24×7 Around the Globe

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව රවීට සහ අර්ජුන්ට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අල්ලස් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමූහ අධ්‍යක්ෂ අර්ජුණ ඇලෝසියස්ට කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර භාර දී ඇත.  

ඉන් අනතුරුව ඔවුන්ව රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ නියෝග කළේය.