FAST NEWS

24×7 Around the Globe

රැඳවියන් 146 කට අද පොදු සමාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අදට යෙදී ඇති 73 වන නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති පොදු සමාව යටතේ දිවයින පුරා බන්ධනාගාර තුළින් රැඳවියන් 146 දෙනෙකු නිදහස් කිරීමට නියමිතය.   

ඒ අනුව දඩුවම් ගෙවා ඇති වසරකට හෝ ඉන් කොටසකට මාසයක සමාවක් ලබාදීම , ගෙවීමට ඇති දඩ අහෝසි කිරීම , වයස අවුරුදු 65 ට වැඩි දඩුවමින් අඩක් ගෙවා ඇති සිරකරුවන් නිදහස් කිරීම මේ යටතේ සිදුවෙයි.

වයස අවුරුදු 50 ට වැඩි වසර 25 කට වඩා සිරදඩුවම් විඳ ඇති සිරකරුවන් නිදහස් කිරීම හා තරුණ වරදකරුවන් අතුරින් තම දඩුවම් කාලයෙන් හරි අඩක් ගෙවා ඇති අය නිදහස් කිරීමද මේ යටතේ සිදුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අද නිදහස්වීමට සිටින රැඳවියන් බොහෝ දෙනෙකුගේ PCR පරික්ෂණ මේ වනවිට සිදුකර ඇති බැවින් එම පරීක්ෂණ ප්‍රතිඵල ලද වහාම ඔවුන් නිදහස් කල හැකි බව එහි වැඩිදුරටත් සඳහන්.