FAST NEWS

24×7 Around the Globe

ජනතාව සෑම විටම විචාරණ බුද්ධියෙන් කටයුතු කළ යුතුයි – ජනපති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමා සිංහල බෞද්ධ නායකයෙක් බවත් එය ප්‍රකාශ කරන්නට තමා කිසිවිටෙකත් මැලි වන්නේ නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.   

කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුමට එක්වෙමින් අද (04) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සහ මහ බැංකු වංචාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේය.

සෑම අවස්ථාවකදීම රටේ මහජනතාව නොමග යැවීමට ඇතැම් පාර්ශව ක්‍රියා කරන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සෑම විටම විචාරණ බුද්ධියෙන් යුතුව කටයුතු කිරීමට පෙළඹිය යුතු බවයි.

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.