FAST NEWS

24×7 Around the Globe

ජාතික සමගිය කාලීන අවශ්‍යතාවයකි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව සිය 73 වන නිදහස් දිනය සමරන්නේ ඉතිහාසයේ ඉතා තීරණාත්මක අවධියක බව ජාතික ෂූරා කවුන්සිලය (NSC) ප්‍රකාශ කරයි.   

එම කවුන්සිලය සඳහන් කරන්නේ ජාතික සමගිය විශාල අභියෝගයකට ලක්ව සිටින මොහොතක ජාතික ආරක්ෂාව තර්ජනයකට ලක්වී , ස්වෛරීයත්වය දුර්වල වී ආර්ථික ආගාධයකට පත්ව තිබෙන අවස්ථාවක් බවයි.

මේ සියල්ලට අමතරව, කොවිඩ් -19 වසංගතය අප දේශය තවදුරටත් ගිල ගනිමින් තිබෙන බවත් අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

74 වන නිදහස් දිනය උදාවන විට අපේ මව්බිම වඩාත් දීප්තිමත්, ශක්තිමත් හා සමෘද්ධිමත් අඩිතාලමක් බවට පත්කිරීමේ ප්‍රයත්නයට NSC සිය පූර්ණ සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වන බව රම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ නිවේදනය පහතින් ,