FAST NEWS

24×7 Around the Globe

කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියන 18 ක් ඇනවුම් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලද ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු ඔක්ෆ්ර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියන 18 ක් සඳහා වන ඇනවුම ඊයේ (03) ඉන්දියාවේ පූනේ හි සීරම් ආයතනයට ලබාදී තිබේ.   

ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ එම එන්නත් මාත්‍රා මෙරට ජනගහණයෙන් මිලියන 9 ක පිරිසකට ප්‍රමාණවත් බවයි.

කොවිෂීල්ඩ් එන්නත පෞද්ගලික අංශයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහාද ලබාදෙන ලෙස පෞද්ගලික රෝහල් හා හෙද නිවාස සේවක සංගමය ඉල්ලීමක් කරයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කොරෝනා වසංගත තත්වය හමුවේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන පෞද්ගලික අංශයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමුඛතා ලැයිස්තුවට මේ දක්වා එක් කර නොමැති බවයි.