FAST NEWS

24×7 Around the Globe

අභිමානවත් 73 වන නිදහස් දිනය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය පිළිවෙත් සදහා ප්‍රමුඛත්වය දෙමින් මෙවර ජාතික නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ කොළඹ නිදහස් චතුරස්‍රයේයි.   

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ගෝ’ඨාභය රාජපක්ෂ මහතා සහභාගී වනවා. පෙරවරු 08 ට එය ආරම්භ වනු ඇති.

කොරෝනා රෝග තත්වය හේතුවෙන් මෙවර නිදහස් දින චතුරස්‍ර පරිශ්‍රයට පැමිණ නිදහස් දින සැමරුම නැරඹිමට ජනතාවට අවස්ථාව හිමිවන්නේ නැහැ.

ඔවුන්ට නිවසේ සිට රූපවාහිනිය හෝ අන්තර්ජාලය ඔස්සේ එය නැරඹිය හැකියි.

මෙවර නිදහස් දින සැමරුමට සහභාගි වන ආරාධිතයන් සංඛ්‍යාවද සීමා කර ඇති බවයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා සදහන් කළේ.

මෙවර නිදහස් දින සැමරුමේ ජාතික ගීය ගායනා කෙරෙන්නේ සිංහල භාෂාවෙන් පමණයි.

යුද හමුදාවෙන් 3153 ක්, නාවික හමුදාවෙන් 821 ක්, ගුවන් හමුදාවෙන් 740 ක්, පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකායෙන් 510 ක්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් 458 ක් සහ සංස්කෘතික අංග සඳහා පුද්ගලයින් 340 ක් මෙම උත්සවය සදහා සහභාගීවීමට නියමිතයි.

නිදහස් දින සමරු උළෙලේ ආචාර පෙළපාලිය සඳහා යුද හමුදාවේ 3,271 ක්, නාවික හමුදාවේ 808 ක්, ගුවන් හමුදාවේ 997 ක් සහ පොලීසියේ 664 ක් එක්වෙයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ 432 දෙනෙකු, සිවිල් ආරක්ෂක බලකායේ 558 දෙනෙකු සහ ජාතික ශිෂ්‍ය භට බලකා නිලධාරීන් 336 දෙනෙකු ද නිදහස් දින සැමරුම් උළෙල සඳහා සහභාගී වෙයි.

එමෙන්ම පැවැත්වෙන සංස්කෘතික පෙළපාලියට නර්තන හා වාදන ශිල්පීන් 340 දෙනෙකු සහභාගීවනු ඇත.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය, ජාතික තරුණ සේවා සභාව ඇතුලු අංශ 13 ක් ඒ සඳහා එක්වෙයි.