FAST NEWS

24×7 Around the Globe

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් ජනපති, අගමැති හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවී ඇතැයි වාර්තා වෙයි.   

එහිදී කොළඹ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ බව තොරතුරු අනාවරණය වේ.

නිල ආරංචි මාර්ග උපුටා දක්වමින් හින්දු පුවත්පත වාර්තා කරන්නේ ඊයේ (02) දිනයේදී මෙම සාකච්ඡා පවත්වා ඇති බවයි.

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් 2019 වසරේදී ශ්‍රී ලංකාව – ඉන්දියාව සහ ජපානය අතර ඇතිකරගත් ත්‍රෛපාර්ශවික ගිවිසුම එලෙසම ක්‍රියාත්මක කල යුතු බවට ඉන්දියාව පාර්ශවයෙන් මෙහිදී දැඩි ලෙස අවධාරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව නැගෙනහිර පර්යන්තයේ 51 % ක කොටස් ශ්‍රී ලංකාව සතුවද 49 % ක කොටස් ඉන්දියාව සහ ජපානය අතරද බෙදී යා යුතු බවයි ඉන්දියාව පෙන්වා දී තිබේ.