FAST NEWS

24×7 Around the Globe

නෙවිල් ප්‍රනාන්දු IDH දැඩි සත්කාර රෝහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදය වී තිබේ.   

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා අද (02) අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇති බවය.

ඒ අනුව, ඔහු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.