FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු සභාව අද රැස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු සභාව අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේදී පැවැත්වීමට නියමිතව ඇත.   

අද පස්වරු 12.30 ට රැස්වෙන පාර්ලිමේන්තු සභාවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති නම් පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමටයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ස්ථාපිත පාර්ලිමේන්තු සභාවේ සමාජිකයින් වන්නේ අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරුන්ය.