FAST NEWS

24×7 Around the Globe

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(ෆාස්ට් නිව්ස් | කළුතර) –  ඒ හේතුවෙන් , මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදු වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. 

කලුතර සිට මීගමුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද උදෑසන මෙලෙස පීලිපැන ඇති අතර, මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය පාලකද මැදිරිය සඳහන් කළේය.

ඒ අනුව කොළම දෙස සිට ධාවනය වන දුම්රියන් උතුරු කලුතර දක්වා සීමා කර තිබේ.

පීලිපැනීමට ලක්වූ දුම්රිය පීලිගතකිරීමේ කටයුතු මේවනවිටත් ආරම්භ කර ඇති බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කරයි.