FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් එන්නත් දුන් පිරිස 120,000 ට ආසන්න වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට තුළ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂය ඉක්මවා ලබා දී අවසන් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.   

අමාත්‍යවරිය මේ බව පැවසුවේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සති අන්ත රැස්වීමෙන් පසු අදහස් පල කරමින්.

ඊයෙ (02) දිනය තුළ 23,217ක්ට “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබාදුන් බව ද සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.