FAST NEWS

24×7 Around the Globe

සිව් දිනක් තුළ 95,550 කට කොරෝනා එන්නත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ආරම්භ වූ පසුගිය 29 වනදා සිට මේ දක්වා 95,550 දෙනෙකුට එන්නත්කරණය සිදුකර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.   

ඊයේ (01) දිනයේ පමණක් පුද්ගලයින් 36,396 කට මෙම එන්නත ලබාදීමට කටයුතු කර ඇත.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ ත්‍රිවිධ හමුදාවේ 19,000 කට මේ වනවිට කොරෝනා එන්නත ලබාදී ඇති බවයි.

මීට අමතරව තවත් කොවිඩ් ආසාදිතයන් 826 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා විය.

ඉන් 816 දෙනෙකු මිනුවන්ගොඩ – පෑලියගොඩ – බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් වාර්තා වන ආසාදිතයන්ය.