FAST NEWS

24×7 Around the Globe

මවක් සහ දස හැවිරිදි කුඩා දරුවෙකු ඝාතනය කරයි

(ෆාස්ට් නිව්ස් |අම්පාර) – අම්පාර – දමන – අම්බලන්ඔය මංසන්ධිය ප්‍රදේශයේ නිවසක තිබී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ මවකගේ සහ කුඩා දරුවෙකුගේ සිරුරු අද (01) පෙරවරුවේ සොයාගත් බව පොලිසිය පවසයි.   

මිය ගිය මවගේ වයස අවුරුදු 33ක් පමණ වන අතර ඝාතනයට ලක්වූ කුඩා දරුවා දස හැවිරිදි වියේ පසුවන බව අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.