FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් තාක්ෂණ සිසුන්ට ඇප.

උසස් අධ්‍යාපන ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට ඊයේ (29) පැවති උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් සිසුන් 39 දෙනා අද (30) ඇප මත මුදා හැරුණා.

ඒ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ලබා දුන් නියෝගයකට අනුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ජනවාරි 08 වනදා යළි කැඳවීමට නියමිතයි.

මේ අතර සිසුන්ට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබා දෙන්නැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන මහතා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.