FAST NEWS

24×7 Around the Globe

ජනවාරියේ කොරෝනා මරණවල ඉහළ යෑමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (31) දිනයේ දී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 351 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   

ඒ අනුව, මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 63,644 ක්.

එමෙන්ම මේ දක්වා මෙරටින් කොරෝනා මරණ 313 ක් වාර්තාවී ඇති අතර, ඉන් 107 ක්ම වාර්තාවී ඇත්තේ මෙම වසරේ ජනවාරි මාසයේදී වීම විශේෂත්වයක්.