FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය අමාත්‍යවරියව IDH රෝහලට මාරු කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාධනය වී ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹ IDH රෝහලට මාරු කිරීමට කටයුතු කර ඇත.  

හික්කඩුව ප්‍රදේශයේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි අමාත්‍යවරිය රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් මෙලෙස එම රෝහල වෙත ඊයේ (28) පස්වරුවේ මාරු කර යවා ඇත.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.