FAST NEWS

24×7 Around the Globe

අද සිට බස්නාහිර පළාතෙන් පිටවන සෑම පුද්ගලයෙකුම කොවිඩ් පරීක්ෂණයකට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (28) සිට ලබන පළමුවනදා දක්වා බස්නාහිර පළාතෙන් පිටවන සෑම පුද්ගලයෙකුම කොවිඩ් පරීක්ෂණයකට ලක්කෙරෙනු ඇත.    

පොලිසිය සඳහන් කලේ ස්ථාන 11 කදී ඔවුන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට භාජනය කිරීමට පියවර ගන්නා බවයි.

දීර්ඝ සති අන්ත නිවාඩුව එළැඹීම හමුවේ මෙම තීරණය ගෙන ඇති බව පොලිසිය පවසයි.

බස්නාහිර පළතෙන් පිටතට කොවිඩ් ආසාදිතයන් ගමන් කිරීම වළක්වාලීම එහි ප්‍රධාන අරමුණක් බවද පොලිසිය සඳහන් කරයි.