FAST NEWS

24×7 Around the Globe

කොරෝනාවට එරෙහි පළමු එන්නත් තොගය අද දිවයිනට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 500,000 ක් ප්‍රදානයක් ලෙස අද ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.  

එම එන්නත් රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ යානය අද පෙරවරු 11 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගාවනු ඇති.

එය භාරගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ගුවන් තොටුපළට පැමිණීමට නියමිතයි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සඳහන් කළේ එම එන්නත්, ලබාදීමේ කටයුතු හෙට සිටම ආරම්භ කරන බවයි.