කරාතේ වසන්ත සොයිසා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු(02) පොලිසිය විසින් ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
නාවිකා හමුදා සෙබළෙකු හා තවත් අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා සෙබළා යාපනය,කන්කසන්තුරයේදි අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා ඊයේ රාත්‍රි පොලිසියට භාර වි තිබේ.
ඔහු ශ්‍රාවස්තිපුර,නෙළුබෑව ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම ඝාතනයට තිස් දෙනෙකු (30) පමණ සම්බන්ධයැයි පොලිසිය සැකකරන අතර මේ අනුව ඉන් විසි හතර (24) දෙනෙකු මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සිද්ධිය සමිබන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනිම සදහා අනුරාධපුර මුලස්තාන පොලිසිය පුළුල් පරික්ෂණ සිදු කරයි.







