FAST NEWS

24×7 Around the Globe

ඊයේ ආසාදිතයන් 843 න් 480 ක්ම කොළඹින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තවූ කොවිඩ් ආසාදිතයන් 843 දෙනා අතුරින් අඩකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. එම සංඛ්‍යාව 480 ක්.   

මීට අමතරව ගම්පහින් 86 ක් , කලුතර 72 ක් , ගාල්ලේ 40 ක් , මහනුවර 35 ක් සහ මාතර 17 ක් ඊයේ ආසාදිතයන් අතර විය.

අම්පාරේ 16 ක් , පුත්තලමේ 14 ක් , ත්‍රිකුණාමලයේ 13 ක් , රත්නපුර 12 ක් , බදුල්ලේ 09 ක් , පොළොන්නරුවේ 08 ක් ,වව්නියාවේ 06 ක් , කෑගල්ලේ 06 ක් , මාතලේ 05 ක් ,මොණරාගල 04 ක් සහ කුරුණෑගල 04 ක් ඊයේ වාර්තාවූ ආසාදිතයන් අතරට අයත් වේ.