FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ්හි රස පරීක්ෂක වාර්තාවක් ගැනීමට සැරසේ.

ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් නැවේ ඇති ආයුධ තොගය පිළිබද රජයේ රස පරික්ෂකවරයාගේ වාර්තාවක් ලබා ගැනිමට එම ආයුධ තොගය පරික්ෂා කළ බරපතල වංචා සහ දූෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරික්ෂණ ඒකකයේ නිලධාරින් විසින් තීරණය කර තිබේ.

ඒ අනුව ලබන සදුදා (2) රජයේ රස පරික්ෂක කණ්ඩායමක් ගාලු වරායේ නවතා ඇති ඇවන්ගාඩ් නැව වෙත පැමිණ පරික්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

බරපතල වංචා සහ දූෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරික්ෂණ ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් ඊයේ ඇවන්ගාඩ් පාවෙන නැව වෙත පැමිණ කරන ලද පරික්ෂණයේදී එහි අවි ගබඩාවේ තිබී ගිනිඅවි අටසිය දහසයක් සොයා ගෙන ඇත.

මේ අතර මෙම පරික්ෂණ කටයුතු නිරික්ෂණය කිරිම සදහා බරපතල වංචා සහ දූෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරික්ෂණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාද ඇවන්ගාඩ් පාවෙන නැව වෙත පැමිණ තිබුණි.