FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට සිට පාසල් විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා හෙට (25) බස්නාහිර පළාතේ පාසල් විවෘත කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ , මාර්තු මසදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන් වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුව හෙට (25) පාසල් ආරම්භ කෙරෙන බවයි.

කෙසේ වෙතත් දුරබැහැර ප්‍රදේශවල සිටින සිසුන්ට තම ආසන්නතම පාසලට ගොස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ ය.