FAST NEWS

24×7 Around the Globe

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රා ලක්ෂ 06 ලබන බදාදා ශ්‍රී ලංකාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පළමු අදියර යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් ලක්ෂ 06 ක් මෙම මස 27 වන දින මෙරටට ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.   

වළල්ලාවිට ප්‍රදේශයේ අද (23) පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඒ අනුව ලබන මස 03 වැනිදා සිට එන්නත්කරන වැඩසටහන ආරම්භ කිරීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු පුද්ගලයින්ට සහ ආරක්ෂක අංශයේ සේවකයින්ට මුලින්ම මෙම එන්නත ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.